
සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරීම සඳහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක පිරිසක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය කණ්ඩායමේ පිරිස සෑම වර්ෂයකම ළමුන්ගේ හෘද සැත්කම් කිරීම සඳහා කරාපිටිය රෝහලට පැමිණෙති.
මෙකී වෛද්‍ය කණ්ඩායම සතියක පමණ කාලයක් කරාපිටිය ජාතික රෝහලේ රැඳී සිටින අතර සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින වයස අවුරුදු 12ට අඩු දරුවන් 20 දෙනකු පමණ හෘද සැත්කම්වලට ලක් කිරීමට නියමිතව ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.
මෙහිදී සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුනි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන මහත්වරු එංගලන්තයේ වෛද්‍ය කණ්ඩායම සමග ක්ෂේත්‍ර චාරිකාවකද නිරත වූහ. එහිදී හෘද රෝග ඒකකයේ පවතින යටිතල පහසුකම් පිළිබඳව ද නියෝජ්‍ය ඇමැතිවරයා නිරීක්ෂණය කළේය. එහි පවතින අඩුපාඩු සපුරාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කළේය.
ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි – ගාල්ල