
ලොව වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානතම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන බී.වයි.ඩී සමාගමට හැකියාව ලැබී ඇත. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22 ක උපරිම වේගයක් වාර්තා කර ඇත.
චීනයේ බී.වයි.ඩී සමාගම මෙලෙස බිඳ දමා ඇත්තේ බුගාටි චිරෝන් සුපර් ස්පෝර්ට් 2019 හිමිකර ගෙන තිබූ වාර්තාවය. බුගාටි චිරෝන් මෝටර් රථයට පැයට කිලෝ මීටර 490.5 ක උපරිම වේගයකින් ධාවනය වීමේ හැකියාව ඇත. විද්‍යුත් මෝටර් රථයක් මෙම වාර්තාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වේ. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" රථය චීනයේ ඇමෙරිකානු ඩොලර් 233,000 ක් මුදලකට (රුපියල් කෝටි 7 ක් පමණ) අලෙවි වේ.
ලෝකයේ අලුත් වාහන අලෙවියෙන් සියයට 50 ක් හිමිකර ගැනීමට විද්‍යුත් මෝටර් රථවලට මේ වනවිට හැකියාව ලැබී ඇති අතර "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" මෝටර් රථය හේතුවෙන් ලොව වේගවත්ම මෝටර් රථයට හිමි වාර්තාවද මේ වනවිට විද්‍යුත් මෝටර් රථවලට හිමිවී ඇත.