මෙරට ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන්න යන ප්‍රතිලාභය...

මේ පවුල් රැසකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන්න යන ප්‍රතිලාභයක් ගැන ඇහෙන කතාවක්...

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නෙ මෙලෙස රු. 3,014,260,000ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.

ඒ අනුව අදාල ප්‍රතිලාභින්ට හෙට දිනයේ සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිනුම මඟින් ලබා ගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post