අධිවේගී අනතුරෙන් කේක් හදන සඳමාලි යන්නම ගිහින්..!

පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු  ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් මියගිය තරුණිය ඕපාත 'ආසිරි කේක්' ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියාව කරන එළඹෙන දෙසැම්බර් මස විවාහ ගිවිස ගැනීමට කටයුතු සූදානම් කර තිබූ සඳමාලි නමැති තරුණියක වන අතර අනතුරෙන් 07 දෙනෙකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය පවසයි.

මියගොස් ඇති ඕපාත වීරතොට මල් දූව ගෙදර,ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නැමති 35 හැවිරිදි ව්‍යාපාරික තරුණියට අමතරව සිද්ධියෙන්

ලැබුවන් අතර කුඩා දැරියන් දෙදෙනකු සහ දරුවෙකු  සිටින බව පොලිසිය සඳහන් කරයි. 

ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයෙකු අද දින මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට පිරිස රැගත් වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

වෑන් රිය කොළඹ දෙසට යමින් සිටියදී ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලො මිටර් 9 දශම 6 මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ඉදිරියෙන් ධාවනය වූ අධිශීතකරණ (ඩීෆිෂර්) ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබුණි.

අනතුර වන අවස්ථාවේදී  එම වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ (මියගිය) තරුණිය සිට ඇති අතර ඇය විවාහවීමට සිටින පුද්ගලයා වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙයි.   

සිදු වූ අනතුරත් සමගම තුවාල ලැබුවන් වෑන් රථයේ සිරවී සිට ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ළඟා වනවිටත්  මාර්ගයේ ගමන් ගන්නා වාහනවල සිටි පිරිස් විසින් අනතුරට පත් වෑන් රථය තුළ සිරව සිටි තුවාලකරුවන් පිටතට ගෙන එයින් කුඩා දරු තිදෙනා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා. 

තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේය. 

හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිහිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාවන් දෙදෙනාගෙන් කාන්තාවක් මියගිය අතර අනෙක් කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි. 

ඊශ්‍රායල රටේ සිට මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ එම කාන්තාවගේ සැමියා බවත් තුවාල ලබා ඇත්තේද එම යුවළගේ දරු තිදෙනා බවත් පොලිසිය කියා සිටියි. 

සිදුවූ අනතුර රියදුරුගේ අධික වේගයක් නින්ද යාමත් හේතුවෙන් සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළකරයි. 

මෙම අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටුපස පිටතට සුළු හානි සිදුව තිබූ බව පොලිසිය සඳහන් කරනවා. 

දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අශෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත ගැලණිගම රථ වාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක කොඩි තුවක්කු උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන පොලිස් සැරයන් වරුන් වන 14612 සම්පත් 13516  පද්මසිරි මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post