
ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බොහොම විශේෂ දවසක්..
ඒ තවත් එක් තීරණාත්මක තරග ජයක් ඊයේ ශ්‍රී ලංකා පිළට හිමිවූ නිසයි. ඒත් එක්කම, මෙම ජයග්‍රහණයේ සතුට විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා කම්පනයට පත් කළ පණිවුඩයක් අසන්නට ලැබුණා.
ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන අතර තරගය නරඹමින් සිටියදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා හදිසි හෘදයාබාධයකින් දිවිගමනට සමුදුන් පුවතයි ඒ
තරගය අතරතුර පියාගේ හදිසි වියෝව නොදැන සිටි දුනිත් වෙල්ලාලගේට ඒ බව තරගය නිමාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් දැනුම් දුන්නේ මෙලෙසින්.
ඒ හදකම්පා කරන පුවතින් දුනිත් සංවේදී වන අයුරු ද දක්නට ලැබුණා.
දුනිත්ගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා මිය යන විට පසුවුණේ 54 වැනි වියේයි.
1971 වසරේ උපත ලද සුරංග වෙල්ලාලගේ මහතා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වන අතර ඔහු විද්‍යාලයේ ක්‍රිකට් නායකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
සිය ආදරණීය පියා ගේ වියෝව හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ අද පෙරවරුව වන විටම යළි දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද සමඟයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
මේ අතර ඊයේ දුනිත්ගේ අවසන් පන්දුවාරයේදී හයේ පහර 5ක් එල්ල කළ මොහොමඩ් නබී ඇතුළු ඇෆ්ගනිථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත මෙම ශෝකජනක පුවතමාධ්‍යවේදීන් විසින් පවසා සිටියේ මෙලෙසින්.