
ඒ තවත් ප්‍රදේශයක් කම්පා කළ සිදුවීමක්. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවයි.
තංගල්ල - සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරු 02 ක් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන් සමඟ සිටි තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් කිහිපයක් ද හමුවී ඇති බව සඳහන්.
සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.