
ඊයේ (සැප්තැම්බර් 24 බදාදා) සවස 5.45 ට ගාල්ලෙන් පිටත් වූ ගාල්ල-ඇල්පිටිය (752) බස් රථයේ ඉදිරිපස අසුනේ භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිනු දුටුවෙමි.
දොඩන්දූව ප්‍රදේශයේදී (මගේ මතකයට අනුව) භික්ෂූන් වහන්සේ එක්වරම සිහිසුන්ව අනෙක් පස පිරිමි පුද්ගලයාගේ උරහිස මතට වැටෙනු දුටුවෙමි.
කොන්දොස්තර මහතා ඇතුළු පිරිස භික්ෂූන් වහන්සේගේ කම්මුලට තට්ටු දමමින් “හාමුදුරුවනේ..” යැයි පැවසුවත් ප්‍රතිචාරයක් නොදැක්වූ උන් වහන්සේ ට කොන්දොස්තර මහතා විසින් මුහුණට වතුර ඉසූ පසු යලි සිහිය ලැබුණි. නමුත් උන්වහන්සේ දැඩි අපහසුවෙන් පසු වෙන බව දුටුවෙමි.
හාමුදුරුවන් වහන්සේ පපුවේ වම්පස අල්ලමින් ආසනය මත වැතිරෙනු දුටු සියල්ලෝම කලබලයට පත්විය. කොන්දොස්තර මහතා උන්වහන්සේ ව දිරි ගැන්වීය. ” හාමුදුරුවනේ..බය වෙන්න එපා අපි හොස්පිට්ල් එකට එක්කගෙන යන්නම්.” භික්ෂූන් වහන්සේට පැවතියේ දැඩි වේදනාවක් පමණි.
බස් රථයේ ඒ වන විටත් බොහෝ දෙනා සිටී. ( මේ කාල වේලාවෙ බස් රථවල මගීන් කොපමණ සිටීදැයි දන්නෝ දනිති.) කුමාරකන්ද බස් නැවතුමේ බොහෝ දෙනා බසයට ගොඩවීමට බලාසිටිනු දුටුවෙමි. ඒ කිසිවක් නොතැකූ තරුණ රියදුරු මහතා නොනවත්වා බසය රෝහල වෙත ධාවනය කලේ භික්ෂූන් වහන්සේගේ ජීවිතය බේරා ගැනීමටය.
කොන්දොස්තර මහතා මගීන්ව ආමන්ත්‍රණය කළේ යටහත් පහත්වයි ” සමාවෙන්න ඕන..අපිට හොස්පිට්ල් යන්න වෙනවා..කලබල කරන්න එපා. ඉස්සරහ හෝල්ට් වලින් බහින්න ඉන්න අය ඉක්මනින් බැහැගන්න බලන්න.. හාමුදුරුවන් ට අමාරුයි.”
අපි රියදුරු මහතාට පැවසුවේ බසය නතර කර ත්‍රීරෝද රථයක හෝ ගිලන් රථයක උන්වහසේ රෝහලට ගෙනියන ලෙසයි. නමුත් ඒවා පැමිණීමට ප්‍රමාද වෙනවා යැයි පවසමින් වේගයෙන් ඉදිරියට ඇදුනේ මගී ආරක්ෂාව හා හාමුදුරුවන් වහන්සේගේ ජීවිත ආරක්ෂා ව පිලිබද සැලකිල්ලෙනි.
මගීන්ගේද උපරිම සහයෝගය රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට ලැබුණි.
අවසානයේ ආරච්චිකන්ද රෝහල වෙත කඩිනමින් ලගා වූ පසු ස්වාමීන් වහන්සේ ඔසවාගෙනම රෝහල තුලට යාමට රියදුරු මහතා ඇතුළු පිරිස කටයුතු කළහ. සිතට ඇති වූයේ පුදුමාකාර සතුටකි. ජීවිතයක් බේරාගැනීමේ සතුට මුල්වරට ලැබූ බොහෝදෙනා බසයේ විය. ඒ කල කැපවීමට බස් රථයේ රියදුරු මහතාට හා කොන්දොස්තර මහතාට අපි ස්තූතීවන්ත විය යුතුමය.
තමන්ට පැවරුණු රාජකාරිය වත් හරි හැටි ඉටු නොකරන රියදුරු – කොන්දොස්තරවරු අතර මේ දෙපළ ඇගයීමට ලක් විය යුතුමය. මුදල් ඉපයීම ප්‍රථම රාජකාරිය කර නොගත් මේ දෙදෙනා මගී ආරක්ෂාවට මුල් තැන ලබා දුන්නහ.
රෝගී භික්ෂූන් වහන්සේ කුමන විහාරස්ථානයේ දැයි නොදනිමි. උන්වහන්සේ ට ඉක්මන් සුවය පතමු.🙏
කොන්දොස්තර මහතාව ඡායාරූපය ට හසු කර ගත නොහැකි උන නමුත් ඒ වෙලාවෙ රියදුරු මහතාගේ ඡායාරූපයක් ලබා ගැනීමට හැකි විය. කළ මෙහෙවරට බොහොම ස්තූතී. 🙏
Thanks For Dilmi Perera…
උපුටා ගැනීමක් 🙏🙏🙏