
මේ පණිවිඩය මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන පොඩ්ත්තන්ට.
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා දින විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන්.