පාසලකට ගුවන් යානාවක් කඩා වැටේ…

අද දහවල් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

යුධ හමුදා සහ ගිනි නිවීමේ නිලධාරීන් තොරතුරු තහවුරු කර ඇති පරිදි, F-7 BGI වර්ගයේ මෙම ගුවන් යානය කඩා වැටී ඇත්තේ Milestone School and College පාසලේ භූමියටය.

සිද්ධිය වන අවස්ථාවේ පාසල තුළ ළමුන් සිට ඇති අතර, ගුවන් යානය කඩා වැටුණු ස්ථානයෙන් ගින්නක් සහ දුමක් නැගෙන අයුරු රූපවාහිනී දර්ශනවලින් දැක්වී තිබේ.

බංග්ලාදේශ යුධ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය විසින් නිකුත් කරන ලද කෙටි නිවේදනයක දැක්වෙන්නේ කඩා වැටුණු F-7 BGI ගුවන් යානය ගුවන් හමුදාවට අයත් එකක් බවයි.

ගිනි නිවීමේ නිලධාරින ප්‍රකාශ කර ඇත්තේ එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post