රෝහල් සේවිකාවකගේ කට වහන්න රෝගියෙකුගෙන් අපූරු උපායක්..

මේ කියන්න යන්නේ මෙරට රෝහලකින් අහන්න ලැබුණු තවත් එක් විශේෂ කතාවක්..

ඒ කතාව ඇසෙන්නේ, වයඹ පළාතේ ප්‍රාදේශීය රෝහලකින්..

බාහිර රෝගී ඒකකය විවෘතව ඇත. ඒ සඳහා රෝගින් ඇදෙන්නේ ද යලට මහට මෙන්ය.

කාර්යභාර වෛද්‍යවරයා තම කාමරයේය. බෙහෙත් තුණ්ඩුව ලියන්නේ සේවිකාවකි.

ඇය තුණ්ඩුවක් අතට ගනියි. රෝගියාගේ නම, වයස මෙන්ම ගම අසා එහි ලියයි. එය සාමාන්‍ය සිද්ධියකි.

එහෙත් මෙම සේවිකාව ඒ සියල්ල අසා තුණ්ඩුවක ලියනා අතරේ ලෙඩේ කුමක්ද කියා හාරා අවුස්සමින් අසන්නේ හරියට ඇය ලෙඩේ දන්නවා වගේ නේ.

එයට ගම්මු විරුද්ධ වුණා. ඒ මන්දයත් ඇතැමුන්ගේ අසනීපයන් රහසිගතය. ඒවා වෛද්‍යවරයාට වුවද පවසන්නේ රහසිගතවයි. ඒවා තුණ්ඩු ලියන අය දැන ගැනීමට අවශ්‍ය නොවේ.

ඒ දෙස කටකාර තරුණ වියේ පසුවෙන කොලු‍වෙක් බලා සිටියා.

ඔහු තැනට උචිත උපායක් යෙදුවා. පෝලිමේ සිට තුණ්ඩු ලියන තැනට ගියා. අංකයක් දා ගත්තා. නම, වයස, ලිපිනය ලියා ගත්තා. ලෙඩේ මොකක් දැයි වෙනදා මෙන්ම සුපරුදු පරිදි ඇය ඇසුවා.

ඔහු ඇඹරුණා. "මේකයි මිස් මගේ රහස් පෙදෙසෙ කසානා වගයක් තියෙනවා. කොච්චරවත් කහනවා, දනවා. වාගේ ඉන්නකෝ පෙන්වන්න" කියා ඔහු කලිසම ගලවා පෙන්වන්නට තැත් කළා.

"එපා එපා ඇය කෑ ගසාගෙන එළියට පැන්නාය.."

"එහෙනම් මොන මඟු‍ලටද ලෙඩේ අහන්නේ." ඔහුට සහාය දෙමින් රැස්ව සිටි අයද හඬ නැඟු‍වා.

ඇය තැති ගැන්මෙන්ය. කෙසේ වෙතත් ඇයට හිමි දේ කරනවා හැරෙන්නට ඇය දැන් රෝගයක ආගිය තතු කිසිවකුගෙන් අසන්නේ ද නෑලු‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post