එයාර් ඉන්දියා ගුවන් යානය බෝම්බ තර්ජනයක්


බෝම්බ තර්ජනයකින් පසු ෆුකෙට් සිට නවදිල්ලිය දක්වා ගමන් කළ AI 379 දරණ එයාර් ඉන්දියා ගුවන්යානය තායිලන්තයට ආපසු හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 156 දෙනෙකු රැගත් ගුවන්යානය එරට වේලාවෙන් උදෑසන 9.15ට ගුවන් ගතවී ඇති අතර, එය උදෑසන 11.38ට නැවත ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.

මේවනවිට තායි ගුවන් සේවා බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් යානය පරීක්ෂාවට ලක් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post