
මේ කියන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගය ගැන තවත් එක් විශේෂ කතාවක්..
2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශයක් යටතේ පවත්වන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා..
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේදී එළිදක්වන බවයි මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ..
ඒ අනුව ලබන වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වසරේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා..
එම නව විෂය නිර්දේශය අනුව 2029 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති..
එමෙන්ම 9 වන ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දෙන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.