කොටහේනේ මියගිය දැරිය අපයෝජන සැකකරුගේ නිවසට පොලිස් ආරක්‍ෂාව..

කොටහේනේ පාසල් දරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

ඊයේ දින එම අදාළ නිවසට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකුගේ ආරක්ෂාවක් යොදා තිබූ බවද හෙතෙම පැවසුවේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලදී.

එම දැරියගේ දෙමාපියන් විසින් විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලීම් කළද තවමත් එසේ කර නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

දරුවාගේ දෙමාපියන්ගෙන් පෙත්සමක් රැගෙන තමා හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ද සිදු නොකළ බවත් පැවසූ ඇය සමාජ මාධ්‍ය හරහා යුක්තිය ඉටු කළ නොහැකි බවත් පැවසීය.

මෙම සැකකරු ජාතික ජනබලවේගයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙක් බවත් අපේක්‍ෂකයෙක් ලෙස කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload