වාහන අලෙවිය බිමටම වැටේ.. බදු ඉලක්කත් අහිමි වේ..

මෙරටට වාහන ආනයනය කිරීමෙන් පසුව වැඩි ඉල්ලුමක් වාහන සඳහා ලැබී නොමැති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

වාහන මත පනවා ඇති අධික බදු ප්‍රතිශතයන් මත ඒවායේ මිල ඉහළ යාම නිසා මෙම තත්වය උද්ගත වී ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

මේ වන විට අෙලවි වෙමින් ඇත්තේ මිල ගැන ගැටළුවක් නැති ඉහළ ධනවත් පුද්ගලයන් විසින් භාවිතා කරන වාහන වර්ග කිහිපයක් බවත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ වාහන අලෙවිය ඉතා විශාල අඩුවක් තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත රජයේ අපේක්‍ෂිත බදු ආදායම් ඉලක්ක ද අහිමිවීමේ අවදානමක් ඇති බවද ඔවුන් කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload