කොට්ටාවේ වෙඩි වැදී මියගිය පුද්ගලයා ගැන තවත් කරුණු රැසක් හෙලිවෙයි

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා කළුතර - එතනමඩල ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඇතුළු පිරිස ඝාතනය කිරිමේ සිද්ධියේ අටවන විත්තිකරු බවට අනාවරණය වී තිබෙනවා.  

මීට අමතරව උඩවලව ප්‍රදේශයේදී පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය කියා සිටියේ. 

 ඊයේ රාත්‍රි 8.00ට පමණ කොට්ටාව - මාලපල්ල - පංසල පාර ප්‍රදේශයේදී යතුරු පැදියකින් යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මෙම පුද්ගලයා, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload