අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට. නව මිළ මෙන්න


මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව රුපියල් 20කින් මෙම මිල ඉහළ දැමීම සිදුකළ බවයි ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම සඳහන් කළේ.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම වර්ගයේ අරක්කු බෝතලයක නව මිල රුපියල් 3,700ක් වන අතර, එම වර්ගයේ අරක්කු භාගයක නව මිල වන්නේ 1,860ක්.

මේ අතර අති විශේෂ අරක්කු කාලක මිලේ වෙනසක් සිදුනොකළ බව සඳහන් කළ එම සමාගම එහි පැවති මිල වන රුපියල් 920ක් ලෙසම එය පවතිනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන අනෙකුත් අරක්කු වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post