වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න



නව අගයන් මෙන්න

මෙරට බස් ගාස්තු 12%කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මේ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 30 ක මුදල රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ නිල මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම බස් ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post