සහල් මිල ගැන වෙළෙඳ ඇමතිගෙන් රටටම සුබ ආරංචියක්


වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ප්‍රකාශ කළේ, පසුගිය කාලයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගොස් තිබූ සහල් මිල පාලනය කරමින්, පාරිභෝගිකයාට රුපියල් 220, 230, 240 සහ 260 වැනි සාධාරණ මිල ගණන් යටතේ සහල් වර්ග මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම රජය මඟින් සකස් කර ඇති බවයි.

ඒ අනුව වී කිලෝවක් සහල් බවට පත් කිරීමට වැයවන සාමාන්‍ය පිරිවැය රුපියල් 17ක් වැනි අවම මට්ටමක පවතින බවත්, ඒ අනුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් ලෙස සහල් මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මඟින් සිදු කරන ලද විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මෙම පිරිවැය තීරණය කර ඇති බවයි.

එසේම වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ,

"වී මිටිය කර තබා ගන්නා කම්කරුවාගේ පඩියේ සිට, ලොරියට පැටවීම, රියදුරු සහ සහායක වැටුප්, ගමන් අතරතුර තේ පානය සඳහා යන වියදම සහ ලොරි ටයර් ගෙවී යාම දක්වා වූ සියලුම සාධක විද්‍යාත්මකව ගණනය කර තිබෙනවා," යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post