
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (16) පස්වරු 6.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (17) දිනය පුරා වලංගු වන පරිදි ක්‍රියාත්මක වේ.
ඒ අනුව නැගෙනහිර පළාතේ මෙන්ම මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් 'උණුසුම් දර්ශකය' "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඒ අනුව, ශරීරය විජලනය වීමෙන් වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි නිතර ජලය පානය කිරීම, දිගු වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ සැහැල්ලු මෙන්ම ලා පැහැති ඇඳුම් භාවිතයට හුරු වීම ඉතා වැදගත් වේ.
