
ඔවුන්ගේ ජීවිතවලට කවදාවත් මේ වගේ ඉරණමක් අත්වේවි කියලා ඔවුන් කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.
මීගමුව බන්ධනාගාරය තුළ අද යළි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස එම සිද්ධිය වූ අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බන්ධනාගාර ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මෙන්ම එක් රැඳවියෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අවාසනාවන්ත ඉරණමෙන් ජීවිතයෙන් සමුගත් ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් පිරිස ගැන මේ වන විටත් සමාජමාධ්‍ය තුළ ඇසෙන්නේ හදවත් සසල කරන පුවත් බොහෝමයක් වාර්තා වුණා. මේ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණා.
මීගමුව බන්ධනාගාරයේ සිටි රැදවියන් මාරුකරන ලද බන්ධනාගාර පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර අද (07) ඥාතීන් වෙත දැනුම් දීමට පියවරගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක පවසනවා.
එමෙන්ම රෝහල්ගත කරන ලද රැඳවියන් සහ මියගොස් සිටින රැඳවියන් සම්බන්ධයෙන් ද තොරතුරු අද යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.
එතෙක් රැඳවියන්ගේ ඥාතීන්ට මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙසද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
