පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්


ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත දිගන හා මැණික්හින්න යන ප්‍රදේශ සඳහා මෙම ජල අත්හිටුවීම වලංගු වෙයි.

ඒ අනුව අද (23) පෙ.ව 8.30 සිට සිට එළැඹෙන 25වනිදා දක්වා පැය 48ක ජල කප්පාදුවක් සිදුවන බව නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post