විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව අදාළ අයැදුම්පත් ජූලි මස 14 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ හැකියාව පවතී.

උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන

www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic

සබැඳිය වෙත පිවිස සිය අයැදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතු වේ.

මෙම අයදුම්පත් කැඳවීමට අදාළව කිසියම් අපැහැදිලි තාවයක් හෝ වැඩිදුර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

ඒ සඳහා 0112784208, 0112784537 හෝ 0112785922 යන දුරකථන අංක ඇමතීමට හෝ alexampractical@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post