ලෝකයම හොල්ලමින් ඉන්දියාවෙ ඩීසල් අලෙවිය සීමා කරයි


මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක බොරතෙල් සැපයුමට බාධා එල්ල වී ඇති අතර, ඒ අනුව ඉන්දියාව සිය ඉන්ධන වෙළඳපොළ තුළ සීමාකිරීම් කිහිපයක් හඳුන්වා දී ඇති බව Bloomberg වාර්තා කරයි.

ඒ අනුව බොරතෙල් සැපයුම් දින 90ක කාල සීමාවකට සීමා කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව සඳහන් වේ.

අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ඩීසල් අලෙවිය සීමා කිරීමේ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

රට තුළ ඇතිවී ඇති සැපයුම් හිඟය සහ ගෝලීය තෙල් මිල හා සැපයුම් අස්ථාවරතාවය මෙම තීරණවලට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද වාර්තා කරයි.

ඊට අමතරව, රජය සම්බන්ධිත මුල්‍ය ආයතනවලට ලැබෙන අලාභයන් සහ වෙළඳපොළ තුළ පවතින පීඩනයද ඉන්දියාවේ ඉන්ධන අංශය අර්බුදයකට මුහුණ දීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post