
මේ දවස්වල පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක ලංකාව වටේ තියෙන මුහුදු ප්‍රදේශ සෑහෙන්න රළු වේගෙන එනවා කියලා අපිට අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා.
නිකම්ම නිකම් නිවේදනයක් නෙවෙයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි "රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්" මේ වෙනකොට නිකුත් කරලා තියෙන්නේ.
විශේෂයෙන්ම මේ අනතුර බලපාන්නේ ලංකාවේ උතුරු සහ වයඹ දිග මුහුදු තීරයටයි. කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉන්න අපේ ධීවර සහ නාවික ප්‍රජාවට තමයි මේකෙන් දැඩිව බලපෑම් එල්ල වෙන්නේ.
කාලගුණ අංශ පවසන පරිදි, මෙම අනතුරු ඇඟවීමේ රතු නිවේදනය හෙට උදෑසන 10.30 දක්වා, එනම් ඉදිරි පැය 24 පුරාම දැඩිව බලපැවැත්වෙනවා!
වාර්තා වෙන විදිහට මේ මුහුදු කලාපවල සුළඟේ වේගය එකපාරටම පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර (60-70 km/h) සීමාවක් දක්වා ඉතා දරුණු ලෙස වැඩි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මුහුද විටින් විට "ඉතා රළු" ස්වභාවයක් ගන්නා නිසා මේ මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි බලධාරීන් දැඩිව කියා සිටින්නේ.
මීට අමතරව ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමකුත් තියෙනවා.
ඒ නිසා මේ දවස්වල බෝට්ටු පදින්න, මුහුදේ නාන්න, නැත්නම් බීච් එකේ ට්‍රිප් එකක් ගිහින් කරවටක් මුහුදට බහින්න හිතන් ඉන්නවා නම්... පොඩ්ඩක් ඒ අදහස අත්ඇරගත්තොත් හොඳයි නේද? ජීවිතේ හැමදේටම වඩා වටින නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න!
