මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න


මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න

2026 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කළාය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, නියමිත දිනට විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

එමෙන්ම, 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා සිදු කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post