ඩීසල් ලීටරය රු.255ට - සටන් විරාමය නිසා සිංගප්පූරු ඩීසල් මිල බිමටම - මෙන්න විස්තරේ


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන මිලදී ගන්නා සිංගප්පූරු ප්ලැට්ස් (Platts) වෙළඳපොළේ ඩීසල් මිල ද කැපී පෙනෙන ලෙස පහත වැටී බවයි.

මීට හේතුව ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ නවතම සටන් විරාම එකඟතාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඇති වූ ලිහිල්භාවය පහත වැටී ඇති බවයි. මෙමගින් සිංගප්පූරු ප්ලැට්ස් වෙළඳපොළේ ඩීසල් බැරලයක මිල ඩොලර් 127.02 ක් දක්වා පහත වැටී ඇත.

මෙම නවතම මිල සංශෝධනයට අනුව සහ වත්මන් විනිමය අනුපාතිකයන් අනුව ගණනය කිරීමේදී, කිසිදු රජයේ බදු මුදලක්, ප්‍රවාහන ගාස්තු හෝ වෙනත් අමතර පිරිවැයක් ඇතුළත් නොකර සිංගප්පූරු වෙළඳපොළ මිලට පමණක් කොළඹ වරායට ඩීසල් ලීටරයක් ගෙනවිත් ගොඩබාන මුදල දළ වශයෙන් රුපියල් 255 ක් වැනි මට්ටමක පවතී.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post