
දන්නවාද..? ඒ දවසින් පස්සේ මේ නීතිය අනිවාර්ය වෙන බව.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
එළැඹෙන 20වෙනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් මේ බව පවසනවා.
එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවයි.
එසේම රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගන්නා බවයි වාර්තා වෙන්නේ.
එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ලබන 19 වන දිනෙන් අවසන් වෙනවා.
ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවයි අදාල බලධාරීන් පවසන්නේ..
