
හෙට පැය 13කට ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව හෙට (17) බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් වතුර සැපයුම අත්හිටුවන අතර උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු වේ.
මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
