
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් සොයාගෙන තිබෙනවා.
සැක කටයුතු ලෙස මියගොස් සිටියදී ඔහුගේ සිරුර මෙසේ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටි කපිල චන්ද්‍රසේන, යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඊයේ (07) වරෙන්තු ද නිකුත් කළා.
