
කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රූපයකින් සහ දක්ෂතාවයකින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් චරිතයක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියලා කියන්නේ.
නිතරම සිනහවෙන් පිරුණු මුහුණින් අපිට මුණගැසෙන නර්මදාගේ ජීවිතයට අද දරාගන්න බැරි ශෝකයක් එකතු වෙලා තියෙනවා. ඒ ඇගේ ජීවිතයේ ශක්තිය වූ, ඇගේ මුළු ලෝකයම වූ ආදරණීය පියාණන් වන ඒ. එල්. වයි. අබේගුණවර්ධන මහතා මෙලොවින් සමුගෙන යාමයි.
1947 වසරේ ජූලි 6 වනදා උපත ලැබූ ඒ මහතා, මියයන විට 78 වන වියේ පසු වුණා. පසුගිය මැයි 2 වනදා ඒ අභිමානවත් ජීවිතය නිහඬ වුණේ ඇය ඇතුළු පවුලේ සැමගේ හදවත් සසල කරමින්.
නර්මදාගේ ජීවිතයේ හැම ජයග්‍රහණයක් පිටුපසම සෙවනැල්ලක් වගේ හිටපු ඇගේ පියාණන් ගැන ඇය නිතරම කතා කළේ හරිම ආදරයෙන්. ඔහුගේ වියෝවෙන් පසුව ඇය තම මුහුණු පොතට එක් කර තිබූ සටහන දුටු කාගේත් දෑස් කඳුලින් තෙත් වුණා. එම සටහනින් ඇය කියා තිබුණේ තාත්තා කෙනෙකුගේ අඩුව කිසිදා පිරවිය නොහැකි බවත්, තමන් අද ඉන්න තැනට එන්න පාර පෑදූ ඒ යෝධ ශක්තිය තවදුරටත් තමන් අසල නොමැති බවත්ය.
ඇය තැබූ සටහන :
"මට හරි මහන්සී තාත්තේ.. මට තනියම දරාගන්න බෑ... කියලා මගේ ජීවිතේ මට දැනුන හැම දවසකම මම හිටියේ තනියම. හුඟක් මිනිස්සුන්ට මාව අතෑරුනේ මට එයාලව ඕනේම තැන්වල. ඒ හැමතැනකදිම මට කියන්න හිතුනා, මේ මට ඔයාව වැඩියෙන්ම ඕනේ වෙලාව... බව... ඒත් මම කියන්නත් කලින්ම එයාලට මාව අතෑරුනා. හැරිල බලද්දී ඒක හිත රිදවනවා. ඒත් කමක් නෑ ජීවිතේ කියන්නේ දරාගන්න එක වෙන්නැති තනියම කියලා මම හිත හදාගන්නවා "
අබේගුණවර්ධන මහතාගේ දේහය බොරැල්ල වෙස්ටර්න් මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර, කළා ලෝකයේ බොහෝ පිරිසක් මෙන්ම හිතවතුන් ද ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. සියලු ආගමික වතාවත්වලින් අනතුරුව, මැයි 4 වන සඳුදා පස්වරු 3.00 ට පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ලැබුවා.
