"මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා... ඉක්මනට එන්න.." රටම කතා වෙන ශනූ - දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..


කාලයත් එක්ක අපේ ජීවිත හිතපුවත් නැති විදිහට වෙනස් වෙනවා නේ. ඉතින් අපි ඒ වෙනසට මුහුණ දෙන්න ඕන.. ඒක හරිම සාමාන්‍ය දෙයක්.. 

ගෑනු ළමයෙක්ට විවාහය කියන්නේ අන්න ඒ වගේ අත්දැකීමක්. ගෙදරක ආදරටයෙන් හැදී වැඩෙන දුවෙක් දවසක තවත් ගෙදරක අම්මා කෙනෙක් වෙනවා.

ශනුද්‍රි ප්‍රියසාද්, ඇයත් දැන් අක්කලා දෙන්නා වගේම සුන්දර යුග ජීවිතයට ඇතුළත් වුණේ පසුගිය දවසකයි. ශනූගේ වගේම දිනේෂ්ගෙ විවාහය ගැන බොහෝ දෙනා කතා වුණේ ඒ තරම්ම ඒ දෙන්නා හරිම ආදරණීය නිසානේ.

කොහොම හරි සමාජමාධ්‍ය ඇතුලත් ගොඩක් දෙනෙක්ගේ කතා මැවුණු මේ විවාහයෙන් පස්සේ කවුරුත් දන්නා හඳුනන වොල්ගා විටක් වෙනස් විදිහක සටහනක් මේ අලුත් යුවල වෙනුවෙන් එක්කරලා තිබුණා.

බලන්නකෝ එදා දවසේ ගොඩක් සතුටු වුණු ඇය එක්කරලා තිබණ ඒ සටහන මොකක්ද කියලා.

"මම දැකපු ලස්සනම wedding එක. Shanudrie Priyasad ඇත්තටම එදා ඔයා ලස්සන සුරංගනාවියක් වගේ. මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා.

සතුටු කදුලු පෙන්නන්න බැරි නිසා රෑ වෙලා තමයි ළගට ඇවිත් සුභ පැතුවෙ.

ඔයා ගොඩක් මහන්සි වෙන ආදර්ශමත් ගෑණු ළමයෙක්. ඔයා දන්නවා හැමදාම මගේ ආශිර්වාදය ඔයාලා දෙන්නට තියනවා. ආදරෙයි.
ඉතින් welcome home my neighbors
ඉක්මණට එන්න.."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post