රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ යන ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව, රියදුරන් සහ මගීන් අවධානයෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post