වාහන හිමිකරුවන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි නියෝගයක් - ජුනි 30ට පෙර මේ දේ කරන්න


වාහන හිමිකරුවන් විසින් මෙතෙක් ලබාගෙන නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් කාර්යාලවල ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ අංක තහඩු ලබන ජූනි 30 වැනිදාට පෙර කඩිනමින් ලබාගන්නා ලෙස වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ අංක තහඩු නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පවතින අතර, සෙසු දිස්ත්‍රික්කවල අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතින් ලබාගත හැකි බව සඳහන් වේ.

වැඩිදුර තොරතුරු සඳහා 011-2033333 දුරකථන අංකය ඔස්සේ දෙපාර්තමේන්තුවේ 'වාහන අංක තහඩු අංශය' අමතා විමසිය හැකි බවද දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post