
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක් සඳහා අදියර 1 සහ 2 යටතේ නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අදාළ නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
තවද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නායයාම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.
