
කොබෙයිගනේ ප්‍රදේශයෙන් දැදුරුඔයේ ඇඹලයාගම මංකඩේ දිය නෑමට ගිය පුද්ගලයන් අට දෙනාගේ සිරුරු අද දහවල්වන විට සොයාගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් පිරිමි හය දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඉන් හත් දෙනකුම එකම පවුලේ සාමාජිකයන් වේ.
මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ තෙළහැර ගොපල්ලෑව ගම්මානයේ එල්. සමීර ප්‍රදීප් පුෂ්ප කුමාර(49) , ඔහුගේ බිරිඳ එම්.එල්. ශ්‍යාමලී කුසුම් සුමුදු කුමාරි(34) , ඔවුන්ගේ දරුවා එල්. අශේන් නිම්සර(10) , සමීර මහතාගේ පියා එල්. ධර්මදාස(72), සමීර මහතාගේ සහෝදරයාගේ බිරිඳ බී. වී. නිරෝශා ලක්මාලි ආනන්ද(42), ඇගේ දරුවා එල්. දිනෙත් මදුෂාන්(13), නිරෝශා මහත්මියගේ පියා බී.වී. ආනන්ද(70) සහ ඔවුන්ගේ හිතවතෙකුගේ දරුවකු වන ඩී.එස්.ඒ.එම්. සෙනුර කවින්ද ප්‍රභාත්(18) යන අට දෙනා මෙම අනතුරෙන් මියගොස් ඇත.