ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි


ජපානයේ ගිනිකොණ වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක7.4ක භූචලනත් සමඟ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර‍යි.


එසේම ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ හොකයිඩෝ සහ ඉවාට් ප්‍රාන්තවල පැසිෆික් වෙරළ තීරයට මීටර් 03ක් දක්වා සුනාමි රළ ළඟා විය හැකි බවයි.

එබැවින් වෙරළාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන මෙන් විදෙස් මාධ්‍ය වාර්තා මඟින් දැනුම් දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post