පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි


දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම තෝරාගත් පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොළඹින් පිටත බොහෝ පාසල්වල මීටර් 400 ධාවන පථ නොමැතිකම පියවා ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, මෙම ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කෙරෙන බව වාර්තා වේ.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා, සෑම දිස්ත්‍රික්කයකින්ම ජාතික පාසලක් සහ පළාත් පාසල් තුනක් පදනම් කරගෙන පාසල් තෝරා ගනු ලැබේ. 

ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, ක්‍රීඩාංගණ සඳහා නිසි යටිතල පහසුකම් සහ නඩත්තු පහසුකම් සහතික කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

2 Comments

Post a Comment
Previous Post Next Post