සියල්ල අවසානයේ ලොවක් බලා සිටි තීරණය ට්‍රම්ප්ගේ කටින්


යුද්ධය අවසන් කිරීමට පවතින සාකච්ඡාවල ප්‍රධාන බාධාවක්ව පැවති, ඉරානය සතු යුරේනියම් තොගය භාර දීමට ඔවුන් එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ වොෂින්ටනය සහ ටෙහෙරානය ගිවිසුමකට එළඹීමට "ඉතා ආසන්න" මට්ටමක පසුවන අතර, මේ සති අන්තයේ ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බවටයි.

එමෙන්ම එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් ලාස් වේගාස් හි පැවති උත්සවයකදී ඔහු අදහස් දක්වමින් දන්වා ඇත්තේ යුද්ධය ආරම්භ වූ දා සිට ඒ පිළිබඳව වූ වඩාත්ම සුභවාදී තක්සේරුවක් බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ කටයුතු "ඉතා සාර්ථකව" සිදුවන බවත්, එය ඉක්මනින් අවසන් වනු ඇති බවත් ය.

එමෙන්ම මීට පෙර ධවල මන්දිරයේදී ඔහු ප්‍රකාශ කර සිටියේ, න්‍යෂ්ටික අවි ලබා නොගැනීමට ඉරානය එකඟ වී ඇති බවත්, ඔහු විසින් "න්‍යෂ්ටික දූවිලි" වශයෙන් හැඳින්වූ යුරේනියම් තොගය භාර දීමට නියමිත බවත් ය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත.

යළිත් වරක් සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ ට්‍රම්ප්, තවත් දින පහකින් අවසන් වීමට නියමිත ඉරානය සමඟ පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව තමාට සැකයක් පවතින බවද ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post