ඉතාලියේ ලයිසන් හීනය හැබෑ වෙයි... වසර 6ක් හිටපු අයට විශේෂ වරප්‍රසාදයක්!


ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අවුරුදු ගණනාවක් තිස්සේ මග බලාගෙන හිටපු, ඒ වගේම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණු "ලයිසන් කේස් එකට" ඔන්න දැන් ස්ථිර විසඳුමක් ලැබිලා.

දැන් ඉතාලියේ පාරවල් වල රිය පදවන්න හීන දකින අපේ අයට ආයෙත් විභාග ලියන්න, ට්‍රයල් පෙන්නන්න ඕන වෙන්නේ නැහැ!

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ඇති කරගත් "අන්‍යොන්‍ය වශයෙන් රියදුරු බලපත්‍ර පිළිගැනීමේ ගිවිසුම" (Mutual Recognition of Driving Licences) මේ මාසයේ ඉඳන් නිල වශයෙන් බලාත්මක කරලා තිබෙනවා. මේක නිකම්ම ලැබුණු එකක් නෙවෙයි, අමාත්‍යාංශ කිහිපයක් එකතු වෙලා කරපු ලොකු ගේම් එකක ප්‍රතිඵලයක්.

මේකේ වාසිය ගන්න නම් පොඩි කොන්දේසියක් තියෙනවා. ඉතාලියේ වසර 6ක් පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට විතරයි මේ අවස්ථාව හිමිවෙන්නේ.

මේ ගිවිසුමේ තියෙන විශේෂම දේ තමයි, ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයකට හරවා ගැනීමේදී,

ලිඛිත පරීක්ෂණ අවශ්‍ය නැහැ.

ප්‍රායෝගික පරීක්ෂණ අවශ්‍ය නැහැ.

ඔබේ ජාතික රියදුරු බලපත්‍රය කෙළින්ම ඉතාලි ලයිසන් එකකට පරිවර්තනය කරගන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ ප්‍රවාහන අමාත්‍යාංශ ඒකාබද්ධව කරපු මේ මෙහෙයුම නිසා, ඉතාලියේ රැකියා කරන දහස් ගණනකගේ රැකියා සුරක්ෂිතතාවය සහ එදිනෙදා ජීවිතය පහසු වෙන එක නම් සහතිකයි. තාක්ෂණික වැඩකටයුතු ඔක්කොම ඉවර නිසා දැන් වැඩේ ක්ලියර්.

පාරේ යද්දී පරිස්සමෙන්, දැන් ඉතින් සුද්දෝ වගේ ලයිසන් එකත් සාක්කුවේ දාගෙනම යන්න පුළුවන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post