රසිකයින්ගේ මුවඟට සිනහවක් එක්කළ ප්‍රවීණ රංගන ශිල්පීයා දිවි රඟමඩලින් සමුගනී..


ඔහුගේ රංගනය කාගේත් මුවඟට සිනහවක් ගේන්න සමත් වුණා.

ලංකාවේ කාගේත් හදවතේ ලැගුම්ගත් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ගැන මේ ඇසෙන්නේ සංවේදී කතාවක්. 

 ප්‍රවීණ රංගන ශිල්පී එරික් අබේවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. එරික් අබේවර්ධන යනු හුදෙක් නළුවෙකු පමණක් නොව, චරිතාංග නිරූපණයෙහි සුවිශේෂී දක්ෂතා දැක්වූ ශිල්පියෙක් ලෙසත් ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්..

ඔහුගේ කලා ගමනේ ආරම්භය සිදුවූයේ වේදිකා නාට්‍ය තුළිනි. එතැන් පටන් ප්‍රබල චරිත හරහා ප්‍රේක්ෂක මනසේ නොමැකෙන මතකයන් ඉතිරි කිරීමට ඔහු සමත්වුණා.

ඔහුගේ හදිසි වෙන්වීම පිළිබඳව කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කර ඇති අතර, සමාජමාධ්‍ය තුළ ඔහුගේ වෙන්වීම ගැන ශෝකය පළකරමින් සටන්ද පළවී තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post