
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
එහි නව මිල රුපියල් 572 ක් වේ තවද ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන ගණන් ඉහළ දමා තිබේ .
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන ලදි .
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 382ක් වේ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය එහි නව මිල රුපියල් 443ක් වන බවයි.
තවද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 455කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව තව දුරටත් සදහන් කරන්නේ ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන බවයි.