ලාෆ් ගෑස් හිමියන්ට සුබ පණිවිඩයක්

කහ පාට ගෑස් සිලින්ඩර ගත් පාරිභෝගිකයන්ට තවදුරටත් එම සමාගම ගෑස් නොදුන්නොත් කහ සිලින්ඩර නිල් පාට ගෑස් සිලින්ඩරයට මාරු කිරීම සඳහා රජයට තීරණයක් ගන්නට සිදුවේවි යැයි වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

දිනකට සාමාන්‍යයෙන් ගෑස් නිකුත් කරන ප්‍රමාණයට වඩා ගෑස් නිකුතුව මේ වන විට වැඩි කර තිබෙනවා.ගෑස් පාරිභෝගිකයා පීඩාවට පත්වෙනවා නම් ඔවුන්ට සහනයක් ලබාදීම සඳහා නව ගෑස් සිලින්ඩර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම අප සම්පාදනය කරනවා.ගෑස් සිලින්ඩර් ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.ලබන 12 වැනිදා සිට වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර නිදහස් කරනවා. කහ පාට සිලින්ඩරය නිල් පාට සිලින්ඩරයට මාරු කරන්න පුළුවන්ද කියා අපෙන් අහනවා. තවදුරටත් කහ පාට ගෑස් සිලින්ඩර් ලබා ගත් පාරිභෝගිකයන්ට අදාළ සමාගම ගෑස් ලබා නොදුන්නොත් අපට ඒ ගැන තීරණයක් ගන්න සිදුවේවි.

Source: lankadeepa.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post