දැන් ඉතින් දර ලිපේ උයාගන්න කාලය හරි.. ලිට්රෝ සමාගමෙන් පාරිභෝගිකයාට ලැබුණු උණුසුම් තෑග්ග මෙන්න


අලුත් අවුරුද්ද අත ළඟ තබාගෙන රටේම ගෘහණියන්ගේ කුස්සියට "ගිනි ඇවිලෙන" අමිහිරි පුවතක් දැන් වාර්තා වෙනවා. 

ඒ, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් පෙන්වමින් ලිට්රෝ ගෑස් සමාගම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් ඉහළ දැමීමට ගත් තීරණයයි. මෙවර මිල සංශෝධනයත් සමඟ ඔබේ ගෑස් සිලින්ඩරයට ගෙවන්නට වන අලුත්ම මිල ගණන් පහතින්.

12.5kg සිලින්ඩරය: රු. 3,690.00 සිට රුපියල් 300කින් ඉහළට! (නව මිල රු. 3,990.00)
5kg සිලින්ඩරය: රු. 1,482.00 සිට රුපියල් 120කින් ඉහළට! (නව මිල රු. 1,602.00)
2.3kg සිලින්ඩරය: රු. 694.00 සිට රුපියල් 56කින් ඉහළට! (නව මිල රු. 750.00)

ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post