
iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන ඇතැම් පරිශීලකයින්ට Whatsapp Web වෙත ප්‍රවේශවීමට පැවැති අවහිරතාව මේ වන විට නැවත යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලොව පුරා බොහෝ දෙනා මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණදී තිබුණු බවට වාර්තා විය.
ඔවුන් Whatsapp Web වෙත ප්‍රවේශවීමට නොහැකි තත්ත්වයක් වාර්තා කර තිබුණු අතර ඇනහිටීම්-අධීක්ෂණ වේදිකාවක් වන Downdetectorට අනුව, බාධාව සම්බන්ධයෙන් තොරතුරු අඛණ්ඩව වාර්තා වූ බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් මෙටා සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
එමෙන්ම iOS මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතන භාවිත කරන සියලු දෙනාම මෙම තත්ත්වයට මුහුණ දී නොමැති බව ද වාර්තා වේ.