කාලය දීර්ඝ වුණා.. මෙන්න පාසල් සිසුන්ට විශේෂ ආරංචියක්..


මේ කියන්න යන්නේ ඔවුන්ට ලැබෙන්න යන තවත් එක් සහනයක් ගැන කතාවක්. 

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙතපාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව සඳහන් කළා. ඒ අනුව අදාළ පිරිස් වෙත, රු 3000.00 ක වටිනාකමක් සහිත තිළිණපත් මෙහිදී හිමිවී තිබුණා.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post