
මිනිසත්කම කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි, ඒක හදවතේ තියෙන්න ඕනේ දෙයක්.
පාරේ වැටිලා හිටපු අසරණ කුරුලු පැටියෙකුගේ පණ බේරන්න තමන්ගේ ජීවිතය අවදානමේ දාගත්ත මේ පුංචි දරුවාගේ කතාව මේ වෙනකොට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
ඒක නිකම්ම මරණයක් නෙවෙයි... රටකට ආදර්ශයක් වුණු නිහඬ වීරයෙක්ගේ අකල් සමුගැනීමක්.
මේ දරුවාගේ ජීවිතය රෝස මල් ඇතිරූ එකක් වුණේ නැහැ. පිය සෙනෙහස අහිමිව, කටුමැටි බිත්ති අතරේ, වහලට වැටෙන වැහි බිංදු එක්ක පොරබදින පුංචි ගෙදරකයි ඔහු හැදුණේ.
ඒ අසරණ අම්මා දහඩිය හෙළුවේ තම පුතා දවසක රටට වැඩදායී මිනිසෙක් වේවි කියන එකම බලාපොරොත්තුවෙන්.
පාසලේ හැමෝටම ආදර්ශමත් වුණු, නිහඬ වීරයෙක් වුණු මේ දරුවා අන්තිම මොහොතේත් පෙන්නුවේ තමන්ගේ හදවතේ තිබුණු ඒ උතුම් කරුණාවයි.
කුරුලු පැටියා අතට ගත්තා විතරයි, අධික වේගයෙන් ආපු ඒ ලොරිය මේ පුංචි හීන මාලිගාව කුඩු පට්ටම් කරලා දැම්මා.
පුංචි පුතාගේ හුස්ම පොද පාරේ වැතිරෙද්දී, ඒ අම්මාගේ ලෝකයම එතැන අළු වෙලා ගියා.
රියදුරු මහත්වරුනි... මොහොතක් හිතන්න, ඔබ පාරේ පදවන්නේ යකඩ ගොඩක් විතරක් නෙවෙයි, තව කෙනෙක්ගේ පණක්.
ඔබ යන ඒ වේගය තව අම්මා කෙනෙක්ගේ මුළු ලෝකයක්ම නැති කරන්න පුළුවන්.
පාරේ ඉන්නේ ඔබේම දරුවා, ඔබේම සහෝදරයා කියලා හිතලා, පාලනය කරගන්න පුළුවන් වේගයකින් රිය පදවන්න.
පුතුනි, සැබෑ වීරයෝ ඉන්නේ චිත්‍රපටවල නෙවෙයි, ඔබ වැනි හදවත් තුළයි. කුරුලු පැටවෙකුට පණ දෙන්න ගිය ඔබ, මිනිසත්කමේ නාමය අහස උසට ඔසවා තබා නික්ම ගියා.