සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක්


ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම සහ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) ඇතුළු ගුවන් සමාගම් කිහිපයක් මැදපෙරදිග කලාපය වෙත සිදු කරන සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

එබැවින් පහත සඳහන් ගුවන් ගමන් වාර අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම අඳාළ නිවේදනයෙන් දක්වයි.

UL265 කොළඹ - රියාද්

UL229 කොළඹ - කුවේට්

UL253 කොළඹ - දම්මාම්

UL225 කොළඹ - ඩුබායි

UL217 කොළඹ - දෝහා

UL230 කුවේට් - කොළඹ

UL266 රියාද් - කොළඹ

UL254 දම්මාම් - කොළඹ

UL226 ඩුබායි - කොළඹ

UL218 දෝහා - කොළඹ

එසේම සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් මැදපෙරදිග ගමනාන්ත බලා පිටත්වීමට නියමිතව සිටින මගීන් පහත පියවර අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි.

ඒ අනුව තමන් ගමන් කිරීමට නියමිත ගුවන් සමාගම හෝ සිය ගුවන් ගමන් නියෝජිතයා (Travel Agent) සෘජුවම සම්බන්ධ කරගෙන ගුවන් ගමන ක්‍රියාත්මක වන්නේදැයි තහවුරු කරගත යුතු බව සඳහන්.

එසේ ගුවන් ගමන ස්ථිර බවට තොරතුරු ලැබීමෙන් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මගීන්ගෙන් ඉල්ලා සිටි‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post