ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?


ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ජපානයේ වාහන වෙන්දේසි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට වාහන වෙළෙඳපොළේ ඉල්ලුමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

එම සංගමයේ ලේකම් උස්මාන් අලි සඳහන් කරන්නේ එන්ජින් ධාරිතාව 1,000 cc සහ 1,500 cc අතර පවතින ජනප්‍රිය මධ්‍යම පරාසයේ වාහන සඳහා පවතින දැඩි ඉල්ලුම මත ඒවායේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් Honda Vezel සහ Toyota Raize වැනි මාදිලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත්ය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වාහන ආනයනය කිරීමේදී අය කිරීමට රජය තීරණය කර ඇති අතර, එය 2026 අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණ රේගු බද්ද 2.5% කින් පමණ ඉහළ යනු ඇති බවත් ලෝක වෙළෙඳපොළේ මිල පීඩනය සහ මෙරට මූල්‍ය සීමාවන් යන සාධක ද්විත්වයම ඉදිරියේදී මෙරට වාහන මිලදී ගැනීමේ හැකියාව කෙරෙහි සෘජුවම බලපානු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post