ඇවිළුණු මැදපෙරදිග - නවතම තත්ත්වය මෙතැනින්


UPDATE - 04.28 කටාර් අගනුවර සහ වයඹ දිග ඉරානයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.

----------------------------------------

UPDATE - 04.25 ඉරානයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිඩ් අබ්දුල් රහීම්, සහ ජනාධිපති මසූර් පෙසෙස්කියන් ඇතුළු ජ්‍යෙෂඨ ඉරාන පුද්ගලයින් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

----------------------------------------

UPDATE - 04.21 - ඊශ්‍රායලයේ ටෙල්අවිවී ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවය මාර්තු 03 වන දින දක්වා ටෙල්අවිවී සහ බහරේන් වෙත සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මැදපෙරදිග සියලුම ගුවන්ගමන් අත්හිටුවීමට Air India තීරණයක්

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පවත්වා ගැනීමට මෙම පියවර ගත් බවය.  

මේ අතර නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය තුළ අත්‍යවශ්‍ය නොවන සහ අනවහ්‍ය ගමන්වලින් වැළකී සිටින ලෙස ඉන්දියාව සිය ජාතිකයින්ට දැනුම් දී තිබේ.

ඉරානයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපද ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ මේ වන විට එරට අන්තර්ජාල සේවාව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන NetBlocksට අනුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය පූර්ණ වශයෙන් අන්තර්ජාල සේවාව අවහිර කර ඇති බවය.

ඉරානයේ අන්තර්ජාල සේවාව වසා දැමීම මින් පෙරද සිදුවූ අතර ඒ රට පුරා පැතිර ගිය දැවැන්ත විරෝධතා අතරතුරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post