
ඊශ්‍රායල් රැකියා සඳහා අයැදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා දෙක වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මීට පෙර ඊශ්‍රායල් රැකියා අවස්ථා සඳහා එක් අපේක්‍ෂකයකුට අයැදුම් කළ හැකි අවස්ථා ප්‍රමාණය 2කට පමණක් සීමාකර තිබිණි. රැකියා අපේක්‍ෂකයන්ගෙන් ලද ඉල්ලීම් කාර්යාංශය විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව එම කාර්යාංශය කියයි.
මේ අතර ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා කීපයක් සඳහා මාර්ග ගතව අයැදුම් කිරීමට අවස්ථා සඳහා වෙබ් අඩවිය විවෘත කරන බවද එම කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයැදුම් කළ හැක.
ඒ අනුව ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කම්බි නැමීම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍ෂේත්‍රයේ පොදු වැඩ, කපරාරු හා සෙරමික් ටයිල් වැඩ සඳහා අයැදුම් කිරීමට වෙබ් අඩවිය විවෘත වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
DANUSHA KANDAMBI
ReplyDelete